Notes

ගිණුම්කරණය සටහන්  


විෂය ඒ්කකය 01  - ගිණුම්කරණය හා ඒහි අවශ්‍යතාවය

 ''ගිණුම්කරණය” (Accounting) යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?


ගිණුම්කරණය වශයෙන් හැදින්වෙන්නේ " තෝරාගත් ගිණුම්කරණ ඒකකයක මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කල හැකි ගිණුම්කරණ යෙදවුම් පිළිබඳ තොරතුරු රැස්කිරීම, වාර්තා කිරීම,  වර්ග කිරීම,  සාරාංශ කිරීම,  විශ්ලේෂණය කිරීම හා විවරණය කිරීමත් එසේ සකස් කළ ගිණුම්කරණ තොරතුරු විවිධ තීරණ ගැනීම හා මඟ පෙන්වීම සඳහා තොරතුරු අවශ්‍ය වන අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයනට ලබාදීමත් ඇතුළත් කාර්ය පද්ධතියයි.”

ගිණුම්කරණ කාර්යන් – :

ගිණුම්කරණයට අදාල කාර්යයන් ඉහත නිර්වචන වලට අනුව පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය. එනම්,

 1. ගිණුම්කරණ තොරතුරු රැස්කිරිම

 2. ගිණුම්කරණ තොරතුරු වාර්තා කිරිම

 3. ගිණුම්කරණ තොරතුරු වර්ග කිරිම

 4. ගිණුම්කරණ තොරතුරු සාරාංශ කිරිම

 5. ගිණුම්කරණ තොරතුරු විශ්ලේශනය කිරිම හා විවරණය කිරිම

 6. ගිණුම්කරණ තොරතුරු සන්නිවේදනය කිරිම

ගිණුම්කරණ ඒකකය - යනු

ගිණුම්කරණ කටයුතු කරන්නේ කවර පුද්ගලයකුගේ හෝ කවර ආයතනයක හෝ සංවිධානයක කටයුතු පදනම් කරගෙනද එම පුද්ගලයා ආයතනය හෝ සංවිධානය ගිණුම්කරණ ඒකකය යනුවෙන් හදුන්වයි.  ගිණුම්කරණ ඒකක ලෙස
  • පුද්ගල ගිණුම්කරණ ඒ්කකය
  • ව්‍යාපාර ගිණුම්කරණ ඒ්කකය
  • රාජ්‍ය ගිණුම්කරණ ඒ්කකය

  • ජාතික ගිණුම්කරණ ඒ්කකය  හදුනාගත හැකිය.
ගිණුම්කරණ පරිසරය 

පරිසරයේ සිදුවන නොයෙකුත් වෙනස්කම් ද ගිණුම්කරණයට බලපෑම් කරයි. මෙසේ ගිණුම්කරණ ක්‍රියාවලිය කෙරෙහි බලපාන විවිධ අභ්‍යන්තර හා බාහිර සාධකවල බලපෑම් ගිණුම්කරණ පරිසරය යනුවෙන් පැහැදිලි කළ හැක. ව්‍යාපාර පරිසරය කෙරෙහි බලපාන පරිසර සාධක පහත පරිදි දැක්විය හැකිය.


-  අයිතිකරුවන්                                     

- කළමනාකරුවන්                                 

- සේවකයන් හා වෘත්තීය සමිති             

- ව්‍යාපාරික ප්‍රතිපත්ති                           

- සමාජ හා සංස්කෘතික පරිසරය

- නෛතික පරිසරය                                                           

- විද්‍යා හා තාක්ෂණික පරිසරය

- ශිල්පීය හා වෘත්තීය පරිසරය

 - ආර්ථික හා දේශපාලන පරිසරය                                                           

- තරඟකාරි පරිසරය


ගිණුම්කරණයේ මූලික අරමුණ 


තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම හෙවත් තොරතුරු සම්පාදනය.

ගිණුම්කරණයේ අවශ්‍යතාවයන් - 

1. සම්පත් උපරිම කාර්යක්ෂමතතාවයෙන් යොදවා ගැනීම පිණිස කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් වශයෙන් ගිණුම්කරණය අවශ්‍යවේ.

2. ව්‍යාපාරයේ මුදල් ශ්‍රමය යන්ත්‍ර උපකරණ ආදී සම්පත් නිසි අයුරින් උපයෝගී කර ගැනීම පිණිස ඒවාට අදාල තොරතුරු රැස්කර සටහන් තබා ගැනීමට ගිණුම්කරණය අවශ්‍යවේ.

3. ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵල මැනීම සඳහා ගිණුම්කරණය අවශ්‍ය වේ.

4. නීතිමය අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා.

5. ගිණුම්කරණ තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා ගිණුම්කරණය අවශ්‍යවේ.

ගිණුම්කරණයේ මූලික ප්‍රභේද


ගිණුම්කරණය නැමැති පුළුල් විෂය ප්‍රධාන අංශයන් දෙකක් යටතේ වර්ග කළ හැක     

ගිණුම්කරණයෙ මූලික ප්‍රභේද 02 කි එනම්,


1. මූල්‍ය ගිණුම්කරණය

2. කළමනාකරණ ගිණුම්කරණය

මුල්‍ය ගිණුම්කරණයේ නිමැවුම 

මුල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලියේ අවසන් නිමැවුම වනුයේ මුල්‍ය ප්‍රකාශයි. මුල්‍ය ගිණුම්කරණය මගින් මුලික වශයෙන් බාහිර පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතාවය සපුරාලිම උදෙසා මුල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. මේවා පොදු පරමාර්ථ මුල්‍ය ප්‍රකාශ ලෙස ද හැදින්වේ.

1. ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

2. මුල්‍ය තත්ත්ව ප්‍රකාශය

3. මුදල් ප්‍රවාහ ප්‍රකාශය

4. හිමිකම් වෙනස් විමේ ප්‍රකාශය

5. ගිණුම්කරණ සටහන් සහ විස්තරාත්මක ප්‍රතිපත්ති

කළමනාකරණ ගිණුම්කරණය

ආයතනයේ කළමණාකරුවන්ට ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරිම, සංවිධානය කිරිම, ක්‍රියාත්මක කිරිම, පාලනය කිරිම යනාදී කටයුතු පිළිබඳ තීරණ ගැනිමට අවශ්‍ය වන්නා වු තොරතුරු හදුනා ගැනිම, මැනිම හා සන්නිවේදනය කිරිමේ ක්‍රියාවලිය කළමණාකරණ ගිණුම්කරණය ලෙස හැදින්වේ. කළමනාකරණ ගිණුම්කරණය මගින් ආයතනයේ කළමණාකරුවන්ගේ විවිධ වු තොරතුරු අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පිළියෙල කරන ලද තොරතුරු සම්පාදනය කරයි.

තොරතුරු පද්ධතියක් ලෙස ගිණුම්කරණය

තොරතුරු හෙවත් විඥාපන INFORMATION

දැනුම වර්ධනය කර ගැනීමට හෝ තීරණ ගැනීමට හෝ ප්‍රයෝජනවත් ඕනෑම කරුණක් තොරතුරක් හෙවත් විඥාපනයක් ලෙස හැදින්වේ. මෙම තොරතුරු නිපදවන්නේ දත්ත පදනම් කරගෙනය. විඥාපන හෙවත් තොරතුරු පහත සඳහන් පරිදි වර්ග කල හැකිය.






ගිණුම්කරණ තොරතුරු වල (විඥාපන වල) තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ 

  • අදාළ බව
  • විශ්වාසනීය බව 
  • සංගතතාව 
  • සන්සන්දනාත්මක බව
  • සරල බව
  • පැහැදිලි බව

වෘත්තිය ගිණුම්කරණ ආයතන වල කාර්යභාරය

1. වෘත්තිය ගණකාධිකාරින් බිහි කිරිම.
2. වෘත්තිය විගණකවරුන් බිහි කිරිම.
3. ගිණුම්කරණ වෘත්තියේ නියැලෙන්නන් පුහුණු කිරිම.
4. ගිණුම්කරණ කටයුතු වලට අදාල මග පෙන්විම් ලබා දිම.
5. ගිණුම්කරණ කටයුතු වලට අදාල විවිධ මග පෙන්විම් හා වැඩ මුළු පැවැත්විම.

අවසානය....

Comments

Popular Posts